ළමා සැහැල්ලක් .....2

අලියා ගිය මග තනිව නොයන්නේ
තනියම ගිය කල කුණු පෑගෙන්නේ
කුණු පෑගුණු කල ගඟට බසින්නේ
ගඟට බැසපු කල කිඹුලා කන්නේ
කිඹුලා කෑ කල ඇට ගෙ‍ාඩ ලන්නේ
ඇට ගොඩ ලෑ කල නෑයෝ එන්නේ
නෑයෝ ආ කල තලප සදන්නේ
තලප සදූ කල හැන්ද කැඩෙන්නේ
හැන්ද කැඩුණු කල වඩුවා එන්නේ
වඩුවා ආ කල මිටිය ගෙනෙන්නේ
මිටිය ගෙනා කල නෑයෝ දුවන්නේ
නෑයො දුවපු කල ගල් පෙරළෙන්නේ
ගල් පෙරළුණු කල අලිය ගෙනෙන‍්නේ
අලියා ගෙනා කල ගල් ඇද ලන්නේ
ගල් ඇද ලෑ කල පාර හැදෙන්නේ
පාර හැදුණු කල වැඩ නවතින්නේ
වැඩ නැවතුණු කල අලියා යන්නේ
අලියා ගිය මග තනිව නොයන්නේ
සමහරු මෙය මෙසේද ව්‍යවහාර කරති.
වලසා ගිය මග තනිව නොයන්නේ
තනියම ගිය කල ඇස කණ වෙන්නේ
ඇස කණ වුණු කල කුණු පෑගෙන්නේ
කුණු පෑගුණු කල ගඟට බසින්නේ
ගඟට බැසපු කල කිඹුලා කන්නේ
කිඹුලා කෑ කල ඇට ගෙ‍ාඩ ලන්නේ
ඇට ගොඩ ලෑ කල නෑයෝ එන්නේ
නෑයෝ ආ කල කැවුම් උයන්නේ
කැවුම් ඉවු කල හැන්ද කැඩෙන්නේ
හැන්ද කැඩුණු කල වඩුවා එන්නේ
වඩුවා ආ කල හැන්ද හදන්නේ
හැන්ද හැදූ කල හැළිය බි‍‍ඳෙන්නේ
හැළිය බිඳුණු කල කුඹලා එන්නේ
කුඹලා ආ කල හැළිය හදන්නේ
හැළිය හැදූ කල කෑම උයන්නේ
කෑම උයා නෑයින්ට බෙදන්නෙ
අනුර
ළමා සැහැල්ලක් .....2 ළමා සැහැල්ලක් .....2 Reviewed by Admin on 9:42 PM Rating: 5

1 comment:

  1. sri lankawe ananyathawaya reka genimata database over meheya athiwishishtai

    ReplyDelete

Powered by Blogger.