සෙල්ලම් කීමක්

කවුදැයි ගෙයි අඬන්නේ
කළුඅප්පුයි අඬන්නේ

ඒ මොකදැයි අඬන්නේ
හිර නැතුවයි අඬන්නේ

හිර කොයිබින් ගෙනෙන්නේ
කහඳගමින් ගෙනෙන‍්නේ

මොකා පිටින් ගෙනෙන්නේ
කොකා පිටින් ගෙනෙන්නේ

මොන පාරෙන් ගෙනෙන්නේ
රජ පාරෙන් ගෙනෙන්නේ

මොන ගෙටදැයි ගෙනෙන්නේ
ඇඳිරි ගෙටයි ගෙනෙන්නේ

මොන බුලත් ද කන්නේ
රට බුලතුයි කන්නේ

මොන පුවක් ද කන්නේ
රට පුවකුයි කන්නේ

මොන දුංකොළ කන්නේ
රට දුංකොළ කන්නේ

මොන හුණුදැයි කන‍්නේ
ලංසි හුණුයි කන්නේ
___________
අනූ
සෙල්ලම් කීමක් සෙල්ලම් කීමක් Reviewed by Admin on 2:11 PM Rating: 5

No comments:

Powered by Blogger.