ළමා ‍‍‍කෙළියක්

මුත්තේ මුත්තේ

ඇයි

පොල් ගෙඩියක් කඩන්ටෙයි

එපා

නැට්ට කැරකුවා

එහෙනම් කඩාපන්

ගිඩිරින් ගිඩිරින් ගිඩිරින්

පොල් ලෙලි ගහමු

ලෙලි ගැහුවා

එහෙනම් ගාමු

හොඳයි

ඉහළ වෙළේ යන කිරි කැටි නෑනෝ

පහළ වෙළේ යන කුරුකුටු නෑනෝ

ඉද්දර මුල්ලේ බත් ටික කාලා

පොල් ටික ගාදිය ගාදියකෝ

පොල් ගෑවා

එහෙනම් මිරිකමු

මිටි කිරිකිරි කොන්ඩ කැවුම්

මිටි කිරිකිරි කොන්ඩ කැවුම්

නාගෙන එනකන් ‍ෙපාල්ටික බලා ගනින්

පොල් කෝ

තෙල් කළා

තෙල් කෝ

බල්ලා බිව්වා

බල්ලා කෝ

ළි‍ඳේ වැටුණා

ළිඳ කෝ

ගොඩ උනා

ගොඩ කෝ

ආඬිය පැල හැදුවා

පැල කෝ

දෑවා

අළු කෝ

තම්පලා කොටුවට ඉස්සා

තම්පලා කෝ

රජ්ජුරැවන්නේ ගොනා මුලින් මුලින් කෑවා

මගේ ගොනා අගින් අගින් කෑවා

තම්පලා කෑ හොම්බ කෝ

තම්පලා කෑ හොම්බ කෝ

_________
අනූ



ළමා ‍‍‍කෙළියක් ළමා ‍‍‍කෙළියක් Reviewed by Admin on 2:12 PM Rating: 5

No comments:

Powered by Blogger.