ළමා සැහැල්ලක් .....1

ළමා සැහැල්ලක්.....1

ගො ඩේ දුවන්නේ මොටදෝ
පොරොව ගෙනෙන්නට නෙවදෝ

පොරොව ගෙනෙන්නේ මොටදෝ
ග ස ක් කපන්නට නෙවදෝ

ගසක් කපන්නේ මොටදෝ
ඔරුව කොටන්නට නෙවදෝ


ඔරුව කොටන්නේ මොට‍දෝ
මු දූ දුවන්නට නෙ‍වදෝ

මූ දු දුවන්නේ මොටදෝ
මාලු මරන්නට නෙ‍වදෝ

මාලු මරන්නේ මොටදෝ
කාසි කඩන්නට නෙවදෝ

කාසි කඩන්නේ මොටදෝ
රාටික ‍බොන්නට නෙ‍වදෝ

රාටික බොන්නේ ‍ මොටදෝ
ගුටි බැට කන්නට නෙ‍වදෝ

ගුටි බැට කන්නේ මොටදෝ
හිරගෙට යන්නට නෙ‍වදෝ


හිරගෙට යන්නේ මොටදෝ
ල ණු අඹරන්නට නෙවදෝ
ල ණු අඹරන්නේ මොටදෝ
ඇති බඳින්නට නෙ‍වදෝ

ඇති බඳින්නේ මොටදෝ
ද ළ දෙක ගන්නට නෙ‍වදෝ

ද ළ දෙක ගන්නේ මොටදෝ
පනා කපන්නට නෙවදෝ

පනා කපන්නේ මොටදෝ
හි ස පීරන්නට නෙවදෝ

හි ස පීරන්නේ මොටදෝ
නෑගම් යන්නට නෙ‍වදෝ

නෑගම් යන්නේ මොටදෝ
වැටේ හැපෙන්නට නෙවදෝ

වැටේ හැපෙන්නේ මොටදෝ
තවත් නොයන්නට නෙවදෝ

අනුර෴
ළමා සැහැල්ලක් .....1 ළමා සැහැල්ලක් .....1 Reviewed by Admin on 9:42 PM Rating: 5

No comments:

Powered by Blogger.