එළුවන් ගැනීම

මේ වැල මොකදෝ? දම්වැල
මේ වැල මොකදෝ?කිරිවැල
මේ වැල මොකදෝ? කිඳිවැල
මේ වැල මොකදෝ? මදුවැල   

උඩපනින් - තල්ල කැඩෙයි
යටින් රිංගන් - ති‍ඹොල් ඇණෙයි
මේ පුටු කාගේ බංඩාරේ
මේ ඇඳ කාගේ බංඩාරේ
මේ බත් කාගේ බංඩාරේ



මේ පුටු ඉන්දෝ - ඉන්ඩ නො දෙන්දෝ
මේ ඇඳ ඉන්දෝ - ඉන්ඩ නො දෙන්දෝ
මේ බත් කන්දෝ - කන්ඩ නො දෙන්දෝ
මේ කැඳ බොන්දෝ - බොන්ඩ නො දෙන්දෝ

කුරුළු කූඩු - කූඩු දුටින්
අපි දුටු කූ-ඩුවක් නැතෝ
ගිරා කූඩු - කූඩු දුටුන් 
අපි දුටු කූ-ඩුවක් නැතෝ
ලේන් කූඩු - කූඩු දුටුන් 
අපි දුටු කූ-ඩුවක් නැතෝ
කාක් කූඩු - කූඩු දුටුන් 
අපි දුටු කූ-ඩුවක් නැතෝ

ගේ ගොම ගාලා - ගත් මගේ එළුවා
උඹට කොයින්දෑ - මාගේ එළුවා
දරනුව දීලා - ගත් මගේ එළුවා
උඹට කොයින්දෑ - මාගේ එළුවා
ඉලපත දීලා - ගත් මගේ එළුවා
උඹට කොයින්දෑ - මාගේ එළුවා
අප්පා දීලා - ගත් මගේ එළුවා
උඹට කොයින්දෑ - මාගේ එළුවා
අයියා දීලා - ගත් මගේ එළුවා
උඹට කොයින්දෑ - මාගේ එළුවා
ඉරගල දීලා - ගත් මගේ එළුවා
උඹට කොයින්දෑ - මාගේ එළුවා
සඳගල දීලා - ගත් මගේ එළුවා
උඹට කොයින්දෑ - මාගේ එළුවා

ගෝන පෙන්තියක් ඇතී
අපි දුටු පන්තියක් නැතී
කළු එළු පන්තියක් ඇති
අපි අටු පන්තියක් නැතී
සුදු එළු පන්තියක් ඇති
අපි දුටු පන්තියක් නැතී

එළුවන් කන්ඩය් මං ආවේ
එළුබෙටි කාපන් තුන්දීරේ
සාවුන් කන්ඩය් මං ආවේ
සාබෙටි කාපන් තුන්දීරේ
ගෝනුන්කන්ඩයි මං ආවේ
ඒ බෙටි කාපන් තුන්දීරේ

එළුව කපා අපේ ගෙටයි
ඒ බඩවැල් තොපේ ගෙටයි
සාව කපා අපේ ගෙටයි
ඒ බඩවැල්තොපේ ‍ගෙටයි 
ගෝන කපා අපේ ගෙටයි
ඒ බඩවැල් තොපේ ගෙටයි
මුවා කපා අපේ ගෙටයි
ඒ බඩවැල්තොපේ ‍ගෙටයි 

කොච්චි කොටඤඤං රාළහාමි දෙනව ද එළුවා
කොච්චර කෙටුවත් නො දෙමුව එළුවා
බුලත් කොටඤඤං රාළහාමි දෙනව ද එළුවා
කොච්චර කෙටුවත් නො දෙමුව එළුවා
කැලේ දුවඤඤං රාළහාමි දෙනව ද එළුවා
කොච්චර දිවුවත් නො දෙමුව එළුවා
හොඳට නටඤඤං රාළහාමි දෙනව ද එළුවා
කොච්චර නැටුවත් නො දෙමුව එළුවා

දනින් වදිඤඤං රාළහාමි දෙනව ද එළුවා
කොච්චර වැන්දත් නො දෙමුව එළුවා
මෙන්න වැන්ද රාළහාමි දෙනව ද එළුවා
කොච්චර වැන්දත් නො දෙමුව එළුවා

________________
අනු
 



එළුවන් ගැනීම එළුවන් ගැනීම Reviewed by Admin on 11:14 AM Rating: 5

No comments:

Powered by Blogger.