කුරක්කන් ඇඹරුම් ගල (කුරහන් ගල) සහ කුරක්කන් තලප














කුරක්කන් ඇඹරුම් ගල (කුරහන් ගල)



උඩින් කක් ඇත යටින් එකක් ඇත
                                      බෑ දෙක වෙනමයි දැනගන්නේ
මැදින් හිලක් ඇත මැද ඇණයක් ඇත 
                                     එයින් ටිකක් එළියට එන්නේ
රෙද්ද ඉහත් කර මලු පිට එලලා
                                     කලවා මුල ඉඳුවා ගන්නේ
උඩින් දමන කොට මැද ගොරවා ගන 
                                     පල්ලට ලිස්සා ගන යන්නේ

මේ පිළිබඳ වූ තවත් කවියක්

මලු පිට එලලා රෙද්ද ඉහත් කර 
                                    කලවා මුල මයි ඉඳ ගන්නේ
බැරිය කියද්දී අත දිග හැරලා 
                                     තවතව ළඟටම කැඳවන්නේ
උඩ පියනක් ඇත යට පියනක් ඇත 
                                     දෙපියන් දොර මැද තද වන්නේ
දමන හිලක් ඇත මැද ඇණයක් ඇත 
                                    දැම්මොත් පොතු නැති පිටි වන්නේ


කුරක්කන් තලප


කුරක්කන් පෝෂ්‍යදායක ධාන්‍ය වර්ගයකි. තලප, හැලප, පිට්ටු, රොටී, කැඳ යන මේ ආහාර වර්ග කුරක්කන් පිටිවලින් සාදා ගනිති. කුරක්කන් තලප සාදන හැටි හා එහි ගුණ පැරැන්නෝ මෙසේ කීහ.

මිදිකර ඇට ගෙන උණු දියරෙහි ලා 
                                           පදමට තම්බා පෙරමන්නේ
වැඩිපුර කොටවා පිටි ගෙන ලිග්ගල් 
                                           දෙකකට දෙපය දී ඉඳගන්නේ
වැඩිපුර දිය වෙන බඳුනක වත් කර 
                                           තද උණු වතුරෙහි පිටි ලන්නේ
කඩිසර-ව ම ගොළගැට නො ගැසෙන්නට 
                                            විගසට කලම් කරමින්නේ


ඔරු පදිනා ලෙස ඇදඇද පතු ගා
                                             දියවර තුනකින් තම්බන්නේ
තරු පෙනෙනා කලඇස්වල දුම්වැද 
                                             පදම බලාලා බාගන්නේ
සරු නොවනා ලෙස ගා-ගත් පොල් සහ
                                             පදමට ගුළි කරවා ගන්නේ
බරු දමනා ලෙස මඳ උණුසුම පි
                                             මාත්තු සමගින් වළඳන්නේ


මිරිස් ඇඹුල් ලුණු සම බර තිබ්බටු 
                                         හොද්දෙන් දඩ මසයෙන් කෑවයි
සුරුස් ගගා පවතින සෙම් කැසි මුසු
                                         විසි මේහය අරිසස් දුරුවෙයි
හරස් අතට බන්ඩිය බේරීම ද 
                                         හන්දි පිරුම් ඉදිමුම් ගුණවෙයි
සරස් කියා ගුණ වෙයි මේ සැම ලෙඩ 
                                         තද බඩගින්නට අත්දුටුවයි

කුරක්කන් ඇඹරුම් ගල (කුරහන් ගල) සහ කුරක්කන් තලප කුරක්කන් ඇඹරුම් ගල (කුරහන් ගල) සහ කුරක්කන් තලප Reviewed by Admin on 9:43 PM Rating: 5

No comments:

Powered by Blogger.