පුරවැඩුමක්

බලගහකන්දේ හිමවට
කපා තනා එම විගසට
මුල් බිජු වපුරයි හනිකට
සතරවරම් දෙවියො පිහිට

හතරකරේ වැඩ බැඳුමට
ගොයි හැම දෙන ආය එවිට
පළමුව සිටි මුල් ගොයියට
දෙවි පිහිටයි පුරවැඩුමට


ගොනාගලේ පුරවැඩුමට
දහසක් රජවරු වැඩ සිට
මහ සක්වළ හිම මැදි කොට
වැඩ කෙරුවයි හැම දෙන සිට

මුල් ගොවියා ගුරු පවුරට
සදමින් කිරි මුහුන් එවිට
කිරිමවු දහසක් එමවිට
ගෙන්නා දුන්නෙන් විගසට

එකෙන් දහක් වැඩි වේවා
මසින්මසට වැසි වේවා
කිසි උවදුරක් නොම වේවා
සරු කර දෙවියෝ වේවා

මුල් බිජු මේ වපුරන්ඩයි
කල් නො ගොසින් උඩ එන්ඩයි
පඳුරු ලලා සැප දෙන්ඩයි
බාරයි කෙත දෙවියන්ඩයි

සුද්ද ඇතුව බිජු ඉසිනා
සද්ද කපුටු බලු නවතා
හාපුරා පුර කියතා
එවෙලාවේ දී නැකතා

ඉන්පසු සුදු වැලි අරගෙන
නවගුණ සන්නෙන් මතුරන
කෙතවට කර ඉස මතුරන
ගොප්පන අරකට බඳිමින

පළමුව බිජු ඉස්ස තැනා
හබරල පැලයක් අමුනා
ඒක වගේ වැඩෙන මෙනා
අදිස්ටාන කර ගන්නා

පුරවැඩුමක් පුරවැඩුමක් Reviewed by Admin on 5:56 AM Rating: 5

1 comment:

Powered by Blogger.