ගමරාළ


ගමරාළ අපේ සිංහල ජනකතාවල එන සුළභ චරිතයකි. රජු, ප‍්‍රාදේශීය නායකයා, ස්වාමීයා, මූලිකයා යන අර්ථය ‘‘රාළ’’ යන පදයෙහි ගැබ් වී ඇත. පුරාණයේ ඇතැම් අවස්ථාවල රජතුමා ‘‘රාළ’’ යන නාමයෙන් හඳුන්වා තිබේ. ‘‘කෝට්ටේ කළාලේ දතමැදගන්න රාළේ’’ යන කියමනෙහි රාළේ කියා අමතා ඇත්තේ එවකට සිටි රජතුමාට බව ජනප‍්‍රවාදයෙහි එයි. ප‍්‍රාදේශීය නායකයන් ද ‘‘රටේ රාළ’’ නමින් හඳුන්වා තිබේ. මහනුවර යුගයේදී එවැනි නායක රදළයින්ව ඔවුන්ගේ නාමය අගට රාළ යන පදය යොදා හඳුන්වා තිබේ. එය එදා ‘‘දිසාවේ’’ යන පදයට සමාන විය.


ඉතා පුරාණයේ සිංහල රාජධානියේ කුඩා ගමක් භාරව සිටි ගම් ප‍්‍රධානියා ගමරළ නමින් හැඳින්වූ බව පෙනේ. ඇතැම් විට ඉපැරණි ගම්සභාවේ ප‍්‍රධානියා වූයේද ගමරාළ කෙනෙකි. ඇතැම් විට ඔහු රජුගේ සුළු මුළාදෑනියෙක් විය. ගමේ මුළාදෑනියා වශයෙන් ගමරාළට රාජකාරියක් පැවැරුනත් ඔහුගේ ප‍්‍රධාන රැකියාව වූයේ ගොවිතැන බ බොහෝ ජනකතාවලින් පැහැදිළි වෙයි. ඇතැම් ගමරාළ කෙනෙක් කපටි පුද්ගලයෙක් ද ඇතැම් ගමරාළ කෙනෙක් මෝඩයෙක්ද වෙති. ඉංගී‍්‍රසි යටත් විජිත යුගයෙහි සිටි ඇතැම් මුළාදෑනියන් ද අකුරු පවා හරිහැටි නොදත් නූගතුන් වූ බව අපේ මුත්තලා අපට පවසා ඇත. එසේ නම් පෙර රජ දවස ‘‘ගමරාළලා’’ මෝඩ කමක් හමාරක් කැරුම අරුමයක් නොවේ. මෑත යුගයේ රාළහාමිගේ බිරිඳ ළමාතැනී එතනහාමි යන නම්වලින් හැඳින්වූවා සේම ගමරාළගේ බිරිඳ ගමමහගෙ හෝ ගමහාමිනේ, ගමඋන්දෑ යන නම්වලින් හඳුන්වා තිබේ. එදා ගමක සටි ගමරාළ දක්ෂ ගොවියෙකු බව පෙනේ.
ගමරාළ ගමරාළ Reviewed by Admin on 7:46 PM Rating: 5

No comments:

Powered by Blogger.